නෙළුම් කුලුනේ බිත්ති කුරුටු ගෑ යුවළක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
31

නෙළුම් කුලුනේ බිත්ති කුරුටු ගෑ යුවළක් අත්අඩංගුවට

නෙළුම් කුලුනේ බිත්ති කුරුටු ගෑ යුවළක් අත්අඩංගුවට

කොළඹ නෙළුම් කුලුන නැරඹීමට පැමිණි තරුණ යුවළක් කුලුන මත ඇති බිත්තියක කුරුටුගාමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

කුලුනේ යොදවා සිටින ආරක්ෂක අංශ විසින් ඊයේ (30) සවස ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව පොලීසියට භාරදීමට කටයුතු කර ඇත.

 

නෙළුම් කුලුනේ නඩත්තු කටයුතුවලට විශාල වියදම් දැරීමට සිදුවන බවත් ජනතා මුදලින් ඉදිකර ඇති මෙම දේපළ ආරක්ෂා කරගැනීම ජනතාවගේ වගකීමක් බවද නෙළුම් කුලුන පෞද්ගලික ආයතනයේ වෙළෙඳ විධායක නිලධාරී බිම්සර රොසයිරෝ මහතා මීට පෙර සඳහන් කර තිබුණි.

 

මහජනතාව වෙත නෙළුම් කුලුන විවෘත කරන අවස්ථවේ නිවේදනයක් නිකුත් කරමින් නෙළුම් කුලුන පෞද්ගලික ආයතන පවසා සිටියේ කුලුන නැරඹීමට පැමිණෙන ජනතාව එහි දේපළවලට හානි සිදුකළහොත් ඔවුන්ට දැඩි දඬුවම් ලබාදෙන බවය.

views

298 Views

Comments

arrow-up