යෝෂිත අනුර කුමාරගෙන් ගේම ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

යෝෂිත අනුර කුමාරගෙන් ගේම ඉල්ලයි

යෝෂිත අනුර කුමාරගෙන් ගේම ඉල්ලයි

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා තමන් සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පලකල චෝදනා සම්පූර්ණ අසත්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටු පුත් යෝශිත රාජපක්ෂ මහතා පවසනවා.

 

 

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂයක් යොදා නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ (03) දිනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී තමන්ට අයත් ඉඩම් ලෙස ඔප්පු අංක සහ ඉඩම් කිහිපයක නම් ඉදිරිපත් කරමින් අනුර කුමාර දිසානායක මහතා එල්ල කළ චෝදනා ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශ බවයි.

 

 

තමන්ගේ කීර්ති නාමයට සිදුවූ මෙම අපහාසය නිසා අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව නීතිමය කටයුතු ගැනීමට තමන්ගේ නීතිඥවරුන් හට උපදෙස් ලබාදී ඇති බවත් අදාළ චෝදනා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් යෝෂිත රාජපක්ෂ මහතා පවසනවා.

views

627 Views

Comments

arrow-up