ඉඩම් ආරවුලකට ටවුම මැද මන්ත්‍රියි-විදුහල්පතියි ගුටි ඇනගෙන

ඉඩම් ආරවුලක් මුල් කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සහ මතුගම ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකු අතර ඊයේ (3) ගැටුමක් සිදුව තිබේ. මතුගම නගරයේදී මෙම ගැටුම හටගෙන ඇති අතර, තමන්ට පහරදුන් බවට මන්ත්‍රීවරයා සහ විදුහල්පතිවරයා මතුගම පොලිසියට පැමිණිලි කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට අයත් ඉඩමක් මතුගම නගර මධ්‍යයේ පිහිටා ඇති අතර ඊට යාබද ඉඩම කළුතර ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුට අයත් වේ.
මතුගම පොලිසිය පැවසුවේ ඊයේ පෙරවරුවේ එම ඉඩමට කම්බි වැටක් සවි කිරීමට විදුහල්පතිවරයා ඇතුළු පිරිසක් ගිය අවස්ථාවේදී මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් පැමිණ විරෝධය පළ කළ බවයි. අනතුරුව දෙපාර්ශවය අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදු විය. එවිට මන්ත්‍රීවරයා විදුහල්පතිවරයාට පහරදීමට උත්සාහ කර ඇත.
මෙම ආරවුල සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන්ම ලැබුණු පැමිණිලි මත මතුගම පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණිල්ල විභාග කර දෙපාර්ශ්වය සමථයකට පත් කර ඉඩම් ආරවුල සම්බන්ධයෙන් කළුතර දිසා අධිකරණයට නඩුවක් පැවරීමට ද පියවර ගත්තේය.
247 Views
Comments