බඹර ප්‍රහාරයකින් ළමුන් 17ක් රෝහලේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

බඹර ප්‍රහාරයකින් ළමුන් 17ක් රෝහලේ

බඹර ප්‍රහාරයකින් ළමුන් 17ක් රෝහලේ

මැදවච්චිය කඩවත්ගම ප්‍රදේශයේ පිහිටි විද්‍යාලයක තිබූ බඹරයක් ඊයේ (27) දහවල් කාලයේ රිලවුන් විසින් ඇවිස්සීම හේතුවෙන් ළමුන් 17 දෙනෙකු තුවාල ලබා මැදවච්චිය රෝහල වෙත ඇතුළත් කර තිබේ.

 

තුවාල ලැබූ ළමුන් අතර පිරිමි ළමුන් 10ක් හා ගැහැණු ළමුන් 07 දෙනෙකු සිටින අතර එක ළමයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත මාරුකර යවා තිබේ.

 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ, තුවාල ලැබූ ළමුන් අවුරුදු 11ත් 16ත් අතර වයස්වල පසුවන කඩවත්ගම ප්‍රදේශයේ ප්‍රදේශයේ පදිංචි ළමුන් බවයි.
 

views

260 Views

Comments

arrow-up