ජුලි 6 වනදා ලොව උණුසුම්ම දිනය ලෙස ප්‍රකාශයට පත්වෙයි

විද්‍යාඥයින් පවසන්නේ මේ වසරේ ජුලි මාසය ලොව උණුසුම්ම මාසය ලෙස හදුනා ගත හැකි බවයි.
ඔවුන් පෙන්වා දෙන්නේ 2019 වසරේ පැවති වාර්තාව මේ වසරේදී බිද වැටෙන බවයි.
ඔවුන් මෙම තොරතුරු වාර්තා කර තිබෙන්නේ මේ මාසය අවසන් වීමට තවත් දින දෙකක් ඉතිරිව තිබියදී වේ.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ප්‍රකාශ කරන්නේ සියලු රටවල් ගෝලීය උෂ්ණාධිකම යුගයකට එළඹ ඇති බවයි.
වාර්තා අතරට එක්වන්නේ පසුගිය වසර එක්ලක්ෂ විසිදහස හා සැසදීමේදී 2023 ජුලි මාසය උණුසුම්ම මාසය ලෙසයි.
ජුලි 6 වනදා උණුසුම්ම දිනය ලෙස හදුනාගෙන තිබේ.
විද්‍යාඥයින් අවධාරණය කරන්නේ කාලගුණ විපර්යාස මෙන්ම ගෝලීය උණුසුමද ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කරන බවයි.
327 Views
Comments