විමල්ගේ වැඩ නිසා ජූලි චන්ග් දුකෙන්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

විමල්ගේ වැඩ නිසා ජූලි චන්ග් දුකෙන්

විමල්ගේ වැඩ නිසා ජූලි චන්ග් දුකෙන්

ග්‍රන්ථයක් එළිදැක්වීම හරහා මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිදුකර ඇති චෝදනාවන් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසා ඇත.

 

 

"ප්‍රබන්ධ යැයි සැළකිය යුතු ග්‍රන්ථයක්" හරහා පදනම් විරහිත චෝදනා එල්ලකරමින් අසත්‍ය පතුරුවා හැරීම සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත්වන බව ඇය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත.

 

 

ඇමරිකාව වසර 75 ක ඉතිහාසය පුරා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය සහ සමෘද්ධිය වෙනුවෙන් කළ කැපකිරීම් ඉදිරියටද පවතවාගෙන යන බව ඇය සිය ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

views

257 Views

Comments

arrow-up