ඛනිජ තෙල් සේවකයන්ගේ අතිකාල දීමනා කප්පාදුවක්

ඛනිජ තෙල් සේවකයන්ට මෙම වසරේ හිමි වන අතිකාල දීමනා කපා දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ මෙම වසරේ ඛනිජ තෙල් සේවකයින්ගේ අතිකාල දීමනා ගෙවීම සඳහා රුපියල් කෝටි 360 කට අධික මුදලක් ඇස්තමේන්තුගත කිරීමත් සමගය.
තොග පර්යන්ත සමාගමෙහි සේවකයින් සඳහා පමණක් අතිකාල දීමනා සඳහා රුපියල් කෝටි 180 ක මුදලක් ඇස්තමේන්තු ගත කර ඇති බව සදහන් වන අතර තවද 2019 වසරේ දී තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයින්ට අතිකාල දීමනා ලෙස රුපියල් කෝටි 172 කුත් 2020 වසරේ දී රුපියල් එක් කෝටි හැට ලක්ෂයක මුදලකුත් අතිකාල ලෙස ලබා දී තිබේ.
මෙම ආයතන දෙකෙහි සේවකයින් සඳහා වැටුප් සහ අනෙකුත් දීමනා වෙනුවෙන් රජය වසරකට කෝටි 1,500කට අධික මුදලක් වැය කරන අතර ඇතැම් සේවකයින් වැටුප මෙන් දෙගුණයකට ආසන්න මුදලක් අතිකාල ලෙස ලබාගන්නා බවට ද තොරතුරු අනාවරණය වේ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඇස්තමේන්තුගත අතිකාල දීමනා සලකා බැලීමෙන් අනතුරුව මෙම වසරේ අතිකාල දීමනා කප්පාදු කිරීමට රජය තීරණය කර ඇති බව සඳහන්ය.
213 Views
Comments