ප්‍රතිපත්තියට විරුද්ධ නම් එලවලා දාන්න - ජනපති සාකච්ඡාව අතරතුර නිලධාරීන් දෙදෙනෙකු එළියට දායි (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

ප්‍රතිපත්තියට විරුද්ධ නම් එලවලා දාන්න - ජනපති සාකච්ඡාව අතරතුර නිලධාරීන් දෙදෙනෙකු එළියට දායි (VIDEO)

ප්‍රතිපත්තියට විරුද්ධ නම් එලවලා දාන්න - ජනපති සාකච්ඡාව අතරතුර නිලධාරීන් දෙදෙනෙකු එළියට දායි (VIDEO)

පොහොර ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා.

 

එහි දී ජනාධිපතිවරයා අවධාරණය කළේ කාබනික කෘෂිකර්මාන්තය රජයේ ප්‍රතිපත්තිය බවත් එය කිසිවිටෙක වෙනස් නොවන බවයි.

 

කෘෂි රසායන අවශ්‍ය නම් ඒවා ආනයනයට පෞද්ගලික අංශයට පමණක් අවස්ථාව දිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

 

මින් ඉදිරියට රජය ලබාදෙන සහනාධාර ඇතුළු සහන සඳහා සුදුසුකම් ලබන්නේ කාබනික වගාවේ නිරත වන ගොවීන් පමණකි.

 

මේ අතර රජයේ ප්‍රතිපත්තියට විරුද්ධව ප්‍රකාශ නිකුත් කරන සහ කටයුතු කරන පුද්ගලයින් එම තනතුරු වලින් ඉවත් කර ඒ වෙනුවට සුදුසු පුද්ගලයින් පත් කළ යුතු බව ජනාදිපතිවරයා කියාසිටියා.

 

මෙහිදී ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීමට නොහැකි වූ නිලධාරීන් දෙදෙනකු සකච්ඡා භූමියෙන් ඉවත් කිරීමට ද ජනාධිපතිවරයා තීරණය කළා.

 

 

views

1729 Views

Comments

arrow-up