සියලු ජන ඒකරාශිවීම හෙට සිට තහනම් කරයි - නවතම මාර්ගෝපදේශ නිකුත් වේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
15

සියලු ජන ඒකරාශිවීම හෙට සිට තහනම් කරයි - නවතම මාර්ගෝපදේශ නිකුත් වේ

සියලු ජන ඒකරාශිවීම හෙට සිට තහනම් කරයි - නවතම මාර්ගෝපදේශ නිකුත් වේ

මහජන ඒකරාශිවීම, රැස්වීම් සහ සියලු උත්සව තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නව මාර්ග උපදේශයක් නිකුත් කර තිබෙනවා.

 

එම තහනම හෙට සිට මේ මස 30 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.

 

නිවසින් බැහැර වීමද අවම කරන ලෙස අයුරින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

 

කෙසේ වෙතත් විභාග වැනි කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සිදුකළ හැකි බවත්  සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති ද සියයට 50  ධාරිතාවයෙන් පවත්වාගෙන යා හැකි බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ නව මාර්ගෝපදේශයන් වල දැක්වෙනවා.

 

 

 

 

 

views

3151 Views

Comments

arrow-up