දිය නෑමට ගිය සීයා සහ සිඟිති මිනිබිරිය එකට අවසන් ගමන් යති
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
02

දිය නෑමට ගිය සීයා සහ සිඟිති මිනිබිරිය එකට අවසන් ගමන් යති

දිය නෑමට ගිය සීයා සහ සිඟිති මිනිබිරිය එකට අවසන් ගමන් යති

ඉංගිරිය, නම්බපාන හේන්යාය ඇළේ දිය නෑමට ගිය පෙර පාසල් වයසේ දැරියක සහ ඇගේ සීයා පෙරේදා(31) අවාසනාවන්ත ලෙස දියේ ගිලී මියගොස් තිබේ.

 

ඉංගිරිය ඌරුගල, ඌරුගල්පොත ලිපිනයේ පදිංචි හේවාදේවගේ සෝමදාස නමැති 68 වියැති පුද්ගලයෙකු සහ හේවාදේවගේ නෙතුලි දහම්සා නමැති 05 හැවිරිදි සිඟිති දියණියක් මෙලෙස මියගොස් ඇත.

 

 සිද්ධිය වූ දිනයේ මියගිය දියණියගේ පියා රැකියාවට ගොස් තිබෙන අතර නිවසේ සිට ඇත්තේ ඔහුගේ වයස අවුරුදු 05 සහ 08 වයසේ දරු දෙදෙනාත්, බිරිඳ සහ දෙමව්පියන් දෙදෙනාත් පමණකි.

 

වෙනදා මෙන් දරුවන්ගේ සීයා විසින් දරු දෙදෙනා නිවස ඉදිරිපිට ඇති හේන්යාය ඇළට දියනෑමට  රැගෙන ගොස් තිබෙන අතර එහිදී සිඟිති දියණිය ගලක් මතට තැබීමට ගොස් ලිස්සා යෑම නිසා දෙදෙනාම වතුරට වැටී තිබේ.

 

මෙම අනපේක්‍ෂිත සිදුවීමෙන් පසු ඉතිරිවූ දරුවා නිවසට දිවවිත් සිදුවීම නිවැසියන්ට පවසා ඇති අතර සියලූ දෙනා සිද්ධියවූ ස්ථානයට දිවගොස් අසල්වාසීන්ගේ සහාය ඉල්ලා කෑගසා තිබේ.

 

පසුව ලිස්සා ගිය පර්වතයේ සිට මීටර් 100ක් පමණ දුරින් ගසක රැඳී තිබියදී දරුවාගේ සීයාගේ සිරුර පළමුව සොයාගෙන තිබෙන අතර එම ස්ථානයේම ඇළ පතුලේ තිබී සිඟිති දියණියගේ සිරුරද සොයාගත් බව ප‍්‍රදේශවාසහු සඳහන් කලහ.

 

මේවන පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකිරීමට මළ සිරුරු හොරණ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

views

749 Views

Comments

arrow-up