මහ කන්නයේදී යූරියා මිල තවත් අඩු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
11

මහ කන්නයේදී යූරියා මිල තවත් අඩු වෙයි

මහ කන්නයේදී යූරියා මිල තවත් අඩු වෙයි

මෙවර මහ කන්නයේදී යුරියා පොහොර මිටියක් රුපියල් 5000කට වඩා අඩුවෙන් ලබා දීමට හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

 

තරුණ කෘෂිකර්ම ව්‍යවසායකත්ව ගම්මාන ව්‍යාපෘතිය අරඹමින් තිස්සමහාරාමයේදී පැවති ගොවි හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

 

මේ දිනවල පෞද්ගලික අංශය විසින් යුරියා පොහොර මිල ඉහළ දමා තිබෙන නමුත් රජය ලබන 15 වැනිදායින් පසු පොහොර මිටියක මිල තවත් රුපියල් 1000කින් අඩු කර රුපියල් 9000ක මුදලකට දෙන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

 

එපමණක් නොව මෙම වසරේ මහ කන්නය වන විට යුරියා පොහොර මිටියක මිල රුපියල් 5000ට වඩා අඩු මිලකට ගොවීන්ට ලබා දීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

views

270 Views

Comments

arrow-up