යුද ජයග්‍රාහණයට අදට වසර 14යි

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර 30 අවුරුදු යුද්ධය නිමාවට පත් කරමින් ශ්‍රී ලංකාව ලබාගත් යුද ජයග්‍රහණයේ 14 වැනි සංවත්සරය අද (18) ට යෙදී ඇත.
කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේදී 2009 වසරේ මැයි 18 වැනිදා මරණයට පත්වීමත් සමඟ එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත්විය.
ත්‍රස්තවාදයට එරෙහි සටනේදී රණවිරුවන් දහස් ගණනක් මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ අතර තවත් දහස් ගණනක් ආබාධිත තත්වයට පත්විය.
යුද ජයග්‍රහණය සැමරීම සඳහා වන රණවිරු සැමරුම් උත්සවය හෙට (19) පස්වරු 4.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු සැමරුම අභියසදී පැවැත්වීමට නියමිතව තිබේ.
283 Views
Comments