මහින්දෙ විදුහල්පතිට පහරදීමක්

ගාල්ල දිස්ත්‍රික්කයේ ජනප්‍රිය පාසලක් වන මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාට එතුමාගේ නිල නිවස ඉදිරිපිටදී නොහඳුනන පුද්ගලයෙකු විසින් පහර දී තිබේ. මේ බව විදුහල්පතිවරයා ගාල්ල පොලිසියට පැමිණිලි කර ඇත.
විදුහල්පතිවරයා ඔහුගේ බිරිඳ අසනීප වීම නිසා කරාපිටිය ශීක්ෂණ රෝහලට ගොස් නැවත රාත්‍රි 11.30 පමණ මෝටර් රථයෙන් නිවසට පැමිණ ඇත. එසේ පැමිණ නිවසේ ගේට්ටුව ඇරීමට මෝටර් රථයෙන් බිමට බසින විට යතුරු පැදියකින් පැමිණි බීමත් පුද්ගලයෙකු බිම දමා ගෙන තමාට පහර දුන් බවත් එම අවස්ථාවේ අසල් වැසියන් පැමිණි විට පහර දුන් පුද්ගලයා යතුරුපැදියද දමා පලා ගිය බවත් විදුහල්පතිවරයා පොලිසියට ප්‍රකාශ කර ඇත.
මෙම පහරදීම සිදු කළ පුද්ගලයා හඳුනා ගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
274 Views
Comments