පොදුරද නායක සමුළුවේදී ජනපති කියූ දේ

ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට ඊයේ සහභාගි විය.
එහිදී, තරුණ සහභාගීත්වය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සහය දැක්වීමේදී පොදුරාජ්‍ය මණ්ඩලයේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිතුමා ඩිජිටල්කරණය තුළින් සබඳතා ශක්තිමත් කරන ලෙස ද ඉල්ලා සිටියේය.
ඔහු ඝානා හි ජනාධිපතිවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවකට ද සහභාගි විය.
මේ අතර, දෙරට අතර කෘෂිකර්මාන්තය සහ සෞඛ්‍ය ආරක්ෂණය පිළිබඳ සහයෝගීතාවය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති වික්‍රමසිංහ මහතා ලන්ඩනයේදී රුවන්ඩා ජනාධිපති පෝල් කගමේ ද හමු වී තිබේ.
138 Views
Comments