අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ දෙවන අදියර අද ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ දෙවන අදියර අද ඇරඹේ

අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ දෙවන අදියර අද ඇරඹේ

පාලි හා සංස්කෘතික අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ දෙවන අදියර අද දින රන්මිණිතැන්නේදී ආරම්භ වී තිබේ.

 

 

මේ සඳහා ටිබෙටය, තායිලන්තය සහ ඉන්දියාව යන රටවලින් භික්ෂූන් වහන්සේලා 33 නමක් එක්ව ඇති අතර භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස පසුගිය මැයි 2 වනදා ලංකාවට පැමිණ ඇත.

 

 

වෙසක් පොහෝ දින කතරගම කිරිවෙහෙර පුදබිමේ පිංකම් සඳහා සහභාගි වූ භික්ෂූන් වහන්සේලා පිරිස ලබන මැයි 11 වනදා දක්වා රන්මිනිතැන්නේ වැඩ වාසය කරමින් අධ්‍යයන සැසිවාර 7 කට සහභාගි වීමට නියමිතය.

 

 

මෙම පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහන වසර 5 ක් පුරා ක්‍රියාත්මක වන්නක් වන අතර පසුගිය වසරේදී එය බුද්ධගයාවේදී පැවැත්වී ඇත.

 

 

මෙම වැඩසටහන විවිධ බෞද්ධ සම්ප්‍රදායන්ගේ සුහදතාවන් වර්ධනය කරමින් මානව ගුණදම් ශක්තිමත් කිරීම සඳහා ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලෙයිලාමා හිමියන්ගේ සංකල්පයක් මත ආරම්භ වී තිබේ.

views

267 Views

Comments

arrow-up