SEP
05
ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක්

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
කළු ගඟේ උප ගංගා වන කුඩා ගඟ හා මගුරු ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල ජනතාවට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වේ.
පාලින්දනුවර හා බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාවට මේ පිළිබඳව දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
259 Views
Comments