වන අලි වන්දිය දෙගුණයක් කිරීමට යෝජනාවක්

වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා විසින් , වන සතුන්ගෙන් සිදුවන හානි සදහා වන අලි වන්දි ක්‍රමය යටතේ ගෙවන වන්දි මුදල දෙගුණ කිරීමට සම්බන්ධ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
එම යෝජනාවට අනුව වන අලියා , දිවියා , වලහා , කුළු හරකා සහ කිඹුලා යන ආරක්ෂිත වන සතුන්ගේ පහරදීමකින් සිදුවන මිනිස් මරණ සදහා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව වන්දි මුදල් ගෙවීමට යෝජනා කර ඇත.
ඒ අනුව ජීවිත හානියක් වෙනුවෙන් වන්දි මුදල රුපියල් ලක්ෂ 10ක්ද, පූර්ණ බෙලහීනතාවයකට රුපියල් මිලියනයක්ද, අර්ධ බෙලහීනතාවයකට රුපියල් 150,000ක්ද, නිවාස හා දේපළ හානි සදහා රුපියල් 200,000ක්ද, දෙමව්පියන් අහිමිවන දරුවෙකුට උසස් අධ්‍යාපනය සදහා මසකට රුපියල් 5000 බැගින්ද ලබාදීමට යෝජනා කර ඇත.
841 Views
Comments