ජනාධිපති කාර්යාලයේ වාහන 56 ක් අතුරුදන්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
08

ජනාධිපති කාර්යාලයේ වාහන 56 ක් අතුරුදන්

ජනාධිපති කාර්යාලයේ වාහන 56 ක් අතුරුදන්

ජනාධිපති කාර්යාලය නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට ඇති වාහන පනස් හයක් අතුරුදන්ව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. 

 

එම වාහන සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂාවක් සිදු කොට නොමැති බවත්, අඩුම තරමේ ඒවායේ භෞතික පැවැත්මවත් තහවුරු කරගෙන නොමැති බවත් විගණනය මඟින් අනාවරණය කොට ගෙන තිබේ.

 

එමගින් පෙන්වා දෙන්නේ ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ආරක්ෂක අංශ වල ලිපිනයන් යටතේ පුද්ගලික වාහන 45 ක් ලියාපදිංචි කොට තිබෙන බවයි.

 

එසේ කිරීමට හේතු වූ කරුණු ඉදිරිපත් කොට නොමැති බව වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

views

231 Views

Comments

arrow-up