විදුලි බිල වැඩි නිසා රෙදි මදින්න එපා කියූ මවගේ කෙස්වැටියෙන් අල්ලා පහරදුන් නොසන්ඩාල පුතාට වූදේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
02

විදුලි බිල වැඩි නිසා රෙදි මදින්න එපා කියූ මවගේ කෙස්වැටියෙන් අල්ලා පහරදුන් නොසන්ඩාල පුතාට වූදේ

විදුලි බිල වැඩි නිසා රෙදි මදින්න එපා කියූ මවගේ කෙස්වැටියෙන් අල්ලා පහරදුන් නොසන්ඩාල පුතාට වූදේ

විදුලි බිල ඉහළ නිසා තමාගේ ගෙදරින් රෙදි මදින්න එපා යැයි කියු 66 හැවිරිදි තිදරු මවකට පහර දුන් පුතකු අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය කියයි.

 

අගලවත්ත , ඕමත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලික බස් රථ රියදුරකු වන සැකකරුගේ නිවසේ විදුලි බිල ගෙවා ගත නොහැකිව විදුලි බල මණ්ඩලය මගින් විදුලිය විසන්ධි කර දමා ඇත.

 

ඒ හේතුවෙන් රෙදි මැද ගැනිම සඳහා යාබදව පිහිටි තමන්ගේ මවගේ නිවසට ගොස් ඇත.

 

මේ දිනවල විදුලි බිල විශාල ලෙස ඉහළ යන නිසා තම නිවසෙන් රෙදි මැදිම නොකරන්නැයිද, ජීවන වියදම විශාල ලෙස ඉහළ නිසා ජීවත් වෙන්නටවත් නොහැකි තත්වයක් උදාවී ඇතැයි වමව තම පුතුයාට කියා ඇත.

 

එහිදි මව සමග බහින් බස්වි මවගේ කෙස්වැටියෙන් අල්ලා පහරදුන් බව මව පොලිසියට පැමිණිලි කර ඇත.

 

පහරකෑමට ලක්වු කාන්තාව රෝහල් ගතකර ප්‍රතිකාර ලබා ඇති අතර සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගත්බව අගලවත්ත පොලිසිය කීය.

views

235 Views

Comments

arrow-up