වැලිකඩ බන්ධනාගාරය ඇතුළේ ලිංගික අපයෝජනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
26

වැලිකඩ බන්ධනාගාරය ඇතුළේ ලිංගික අපයෝජනයක්

වැලිකඩ බන්ධනාගාරය ඇතුළේ ලිංගික අපයෝජනයක්

වැලිකඩ බන්ධනාගාරය තුළදී මරණීය දණ්ඩනය නියම වූ රැඳවියෙකු තවත් රැඳවියකුට පෙරේදා දහවල් කාලයේදී බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

 

ලිංගික අපයෝජනයට ලක්වූ රැඳවියා මේ වන විට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

 

වැලිකඩ බන්ධනාගාරයේ එල් වාට්ටුවේ වැසිකිළියක් තුළදී පුද්ගල ඝාතන සිද්ධියකට මරණීය දණ්ඩනය නියමව සිටින රැඳවියා දූෂණ චෝදනාවකට වසර 6ක සිර දඬුවම් විදින රැඳවියෙකුට ලිංගික අපයෝජනය කර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

 

එම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් බොරැල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇත.

 

29 හැවිරිදි රැඳවියා ශාරීරික අවශ්‍යතාවයක් සඳහා වැසිකිළියට ගිය අවස්ථාවේදී ඒ තුළට බලහත්කාරයෙන් කඩා වැදුණු 52 හැවිරිදි රැඳවියෙකු විසින් 29 හැවිරිදි රැඳවියා ගේ මුඛ්‍ය වසා ලිංගික අපචාරය සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරන්නේ.

 

ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බොරැල්ල පොලිසිය එම අපචාර සිද්ධිය ඇසින් දුටු බව කියමින්  45 හැවිරිදි රැඳවියකුගේ ප්‍රකාශ මෙන්ම ලිංගික අතවරයට පත්වූ රැඳවියන්ගේ ප්‍රකාශ සහ අතවරය සිදුකල රැඳවියාගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

 

සිදුවීම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය විසින් විමර්ශන සිදුකරනවා.

views

236 Views

Comments

arrow-up