සදුන්පිටියේ කාන්තාවගේ මරණය ගෑස් කාන්දුවක් නොවේ - අභිරහස හෙලිවේ

පොලොන්නරුව වැලිකන්ද සඳුන්පිටිය ප්‍රදේශයේ 19 හැවිරිදි කාන්තාවක් ගෑස් පිපිරීමක් හේතුවෙන් මියගිය බවට පැතිර යන වාර්තා අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.
සමාජයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් මෙම මරණය සියදිවි නසාගැනීමක් බව මේ වන විට සොයා ගෙන තිබෙනවා.
සිය සැමියා සමඟ ඇතිවූ ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් ඇය මෙලෙස ඔහු රැකියාවට ගිය පසු සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම කාන්තාව සැමියා රැකියාවට ගිය පසු සිය සිරුරට භූමිතෙල් වත්කරගෙන සැමියාට වට්ස්ඇප් ඇමතුමක් ලබාගෙන සිරුරට ගිනි තබාගෙන තිබෙනවා.
මේ බව ඇය මියයාමට පෙර පොලිසියට ලබාදුන් ලබා දුන් ප්‍රකාශයේ සඳහන්.
ගිනි තබා ගැනීම බරපතළ තුවාල ලද කාන්තාව රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගියා. මෙම මරණය ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදු වූ බවට ප්‍රචාරය වී ඇත්තේ කරුණු නිසි ලෙස සොයා බැලීමෙන් තොරව රෝහල් පොලිසිය කළ අනුමානයකට අනුවය.
4931 Views
Comments