විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දරුවන් 90 දෙනෙකු සඳහා තිළිණ ප්‍රදානය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
27

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දරුවන් 90 දෙනෙකු සඳහා තිළිණ ප්‍රදානය කරයි

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දරුවන් 90 දෙනෙකු සඳහා තිළිණ ප්‍රදානය කරයි

අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියා සදහා පිටත්ව ගිය ශ්‍රමිකයන්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් රටවිරු සුබසාධන වැඩසටහනක් හාලිඇල පිහිටි ඌව පළාත් විගමනික සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්වුණි.

 

 

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දරුවන් 90 දෙනෙකු සදහා රුපියල් මිලියන තුනකට අධික ශිෂ්‍යාධාර  මෙන්ම ඌව පළාතේ දරුවන් දෙසිය දොලොස් දෙනෙකු සදහා රුපියල් දස දහසක් වටිනා පාසල් උපකරණ කට්ටලයක් මෙහිදී ප්‍රදානය කරන ලදී.

 

 

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය වැඩිම වාර ගණනක් ලබාගනිමින් විදෙස් රැකියා සදහා පිටත්ව ගිය ශ්‍රමිකයන් 179 දෙනෙකු අගය කරමින්ද තිළිණ ලබා දුණි.

 

 

 

views

188 Views

Comments

arrow-up