හොරාට අංක තහඩු ගසාගෙන පෙට්‍රල් ගහන්න ඇවිත් මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
25

හොරාට අංක තහඩු ගසාගෙන පෙට්‍රල් ගහන්න ඇවිත් මාට්ටු

හොරාට අංක තහඩු ගසාගෙන පෙට්‍රල් ගහන්න ඇවිත් මාට්ටු

නොර්වුඩ් නගරයේ පිහිටි මස්කෙලිය විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලෙන් ව්‍යාජ අංක තහඩුවක් ප්‍රදර්ශනය කරමින් පෙට්‍රල් ලබා ගැනීමට පැමිණි යතුරුපැදිකරුවෙකු නොර්වුඩ් පොලිසිය විසින් පසුගිය 23 වන දින අත්අඩංගුවට ගෙන තිබේ.

 

එම ඉන්ධන පිරවුම්හලට ඉකුත් 23වනදා පෙට්‍රල් ලීටර් 3300ක් නිකුත් කර තිබූ අතර, වාහනයේ අංක තහඩුවේ අවසාන අංක වන 0 සිට 3 දක්වා වාහනවලට සීමා සහිතව නිකුත් කිරීමට එම ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරිත්වය පියවර ගෙන තිබුණි.

 

ගම්පොල ප්‍රදේශයේ පදිංචි සැකකරු ඔහු රැගෙන පැමිණි යතුරුපැදියට ව්‍යාජ අංක තහඩුවක් ප්‍රදර්ශනය කරමින් ඉන්ධන ලබාගැනීමට පැමිණි අවස්ථාවේ එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි නොර්වුඩ් පොලිසියේ නිලධාරීන් යතුරුපැදියේ ඉදිරිපස අංක තහඩුව සවි කර තිබූ ඇණයක් බුරුල් වී ඇති බව නිරීක්ෂණය වීමෙන් පසුව එම යතුරුපැදියේ ලියකියවිලි පරීක්ෂා කිරීමේදී ඉන්ධන ලබාගැනීම සඳහා වෙනත් යතුරුපැදියක අංක තහඩුවක් සවිකරගෙන පැමිණ ඇති බවට තහවුරු වී ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරු ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, සැකකරු නොර්වුඩ් ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක සේවය කරන අයෙකු බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පැවසීය.

views

250 Views

Comments

arrow-up