මිදුලේ පාපැදිය පදිමින් සිටි දැරියගේ ඇඟ මතට මෝටර් රථය වැටී කුඩා දැරිය මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

මිදුලේ පාපැදිය පදිමින් සිටි දැරියගේ ඇඟ මතට මෝටර් රථය වැටී කුඩා දැරිය මරුට

මිදුලේ පාපැදිය පදිමින් සිටි දැරියගේ ඇඟ මතට මෝටර් රථය වැටී කුඩා දැරිය මරුට

නිවස ඉදිරිපිට මිදුලේ පාපැදියක් පදිමින් සිටි හත් හැවිරිදි දැරියගේ ඇඟමතට මෝටර් රථයක් වැටීමෙන් බරපතල තුවාල ලබා මියගොස් ඇතැයි මොරගහහේන පොලිසිය පවසයි.

 

මෙලෙස අනතුරින් මියගොස් තිබෙන්නේ මොරගහහෙන මිල්ලෑව පොල්වත්ත පදිංචිව සිටි දිනිති සත්සරණි ජෑන්ස් නැමැති දැරියයි.

 

නිවසට මදක් ඈතින් තිබෙන තරමක කන්දක් සහිත අතුරු මාර්ගයේ සිට අධික වේගයෙන් පැමිණ තිබූ මෝටර් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව දැරිය පදිංචි නිවසේ ගේට්ටුව ද කඩාගෙන මිදුලට කඩා වැදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

 

මෝටර් රථය මිදුලට කඩා වැදීමත් සමඟම දැරිය පදිමින් සිටි පාපැදියේ ගැටී එයත් සමඟ ඉදිරියට ඇදී ගොස් නිවස පිටුපස දක්වා අධික වේගයෙන් ගොස් මෝටර් රථය නැවතී ඇතැයි පොලිසිය කියයි.

 

මෝටර් රථය එලෙස අධික වේගයෙන් ගමන් කරද්දී නිවසේ බිත්තියක කුහරයක්ද සෑදී ඇති බව පොලිසිය පවසයි.

 

අනතුරින බරපතල තුවාල ලැබූ දැරිය හොරණ මූලික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිට තිබේ.

views

249 Views

Comments

arrow-up