ශ්‍රී ලංකාව ගැන සාකච්ඡා කිරීමට ඉන්දියාව සර්වපාක්ෂික හමුවක් කැඳවයි

ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට සියලු පක්ෂ වල සාකච්ඡාවක් කැඳවා තිබෙන බව වාර්තා වෙනවා.
එළඹෙන අඟහරුවාදා එරට වේලාවෙන් පස්වරු පහයි තිහට එම සාකච්ඡාව පැවැත්වෙන අතර ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මෙම සර්ව පාක්ෂික රැස්වීමේ දී මෙරට ආර්ථික අර්බුදය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ප්‍රලාද් ජෝෂි නිවේදනය කර තිබෙන්නේ.
එසේම එහිදී මෙරට තත්ත්වය සම්බන්ධයෙන් සහ ඉන්දීය සහාය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමටද එරට විදේශ ලේකම් සූදානම් වී සිටින බවද වාර්තා වනවා.
249 Views
Comments