මහජන ආරක්ෂක ඇමති පොලිස් රෝහලට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
17

මහජන ආරක්ෂක ඇමති පොලිස් රෝහලට

මහජන ආරක්ෂක ඇමති පොලිස් රෝහලට

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ජුනි 9 හා ඉන් පසු පැවති උද්ඝෝෂන වලදී විරෝධතාකරුවන් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් ගේ සුව දුක් බැලීමට නාරාහේන්පිට පොලිස් රෝහල වෙත ගොස් තිබෙනවා.


එම අවස්ථාව සඳහා පොලිස්පති සී ඩී වික්‍රමරත්න ඇතුළු පිරිසක් එක් වී තිබූ අතර තුවාල ලැබූ නිලධාරීන් ගේ සුව දුක් විමසීමෙන් අනතුරුව පොලිස් රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟ රෝහලේ පවතින අඩුපාඩු සමග සාකච්ඡා කිරීමට ද අමාත්‍යවරයා කටයුතු කර තිබුණා.


ඒ අනුව දැනට ඇති සේවක පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට එහිදී ඔහු පොලිස්පතිවරයා වෙත නියෝග කළ බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර සිටියේ.

views

289 Views

Comments

arrow-up