වෙඩිල්ලෙන් බේරුණු ‘කේතුමතී’ ඇම්බියුලන්ස් රියැදුරා කෝටි ගණනක කුඩු ඇදලා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
02

වෙඩිල්ලෙන් බේරුණු ‘කේතුමතී’ ඇම්බියුලන්ස් රියැදුරා කෝටි ගණනක කුඩු ඇදලා

වෙඩිල්ලෙන් බේරුණු ‘කේතුමතී’ ඇම්බියුලන්ස් රියැදුරා කෝටි ගණනක කුඩු ඇදලා

පානදුර මූලික රෝහල ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහ කළ කේතුමතී කාන්තා රෝහලේ ගිලන් රථ රියැදුරා මහ පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින පානදුරේ සලිඳු නමැත්තාට අයත් කිලෝ 100කට ආසන්න හෙරොයින් පාර්සල් ලෙස ප්‍රවාහනය කර ඇති බව මේ වන විට කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි. 

 

කොරෝනා වසංගතය පැවති කාලයේදීත් මොහු සිය ගිලන් රථයෙන් රෝගීන් ප්‍රවාහනය කරන මුවාවෙන් සලිඳුගේ කුඩු ප්‍රවාහනය හා බෙදා හැරීම සිදු කර ඇති බව විමර්ශනවලදී හෙළි වෙමින් පවතින බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ ය. 

 

මොහු කලක් තිස්සේ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන පානදුරේ කුඩු සලිඳු විසින් මුහුදු මාර්ග ඔස්සේ මෙරටට එවනු ලැබූ කුඩු බෙදා හැරීම සිදුකර ඇති බව ත් එම නිලධාරියා සඳහන් කළේ ය. 

 

ගිලන් රථයකින් මෙලෙස මත්කුඩු ප්‍රවාහනය කරන බවට තොරතුරක් මීට වසරකට පමණ පෙර පානදුර දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපතිවරයාට ලැබී ඇත.

 

පසුව ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී මෙම ගිලන් රථ රියැදුරා ගැන තොරතුරු හෙළි වී පොලිස් කණ්ඩායමක් මොහුගේ නිවසට ගොස් තිබිණි. 

 

එහිදී ත් නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඒ මොහොතේ ඔහුගේ ජංගම දුරකතනයට විදේශ රටකින් ඇමතුමක් ලැබී තිබේ. එම ඇමතුම ගැන විමසිලිමත් වූ නිලධාරීන් අනාවරණය කරගෙන ඇත්තේ එම ඇමතුම මොහුට ලැබෙන්නේ මහ පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පානදුරේ සලිඳු නමැත්තාගෙන් බව ය.

 

පසුව ඒ සම්බන්ධයෙන් අදාළ ගිලන් රථ රියැදුරාගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ඔහු නිලධාරීන්ට පවසා ඇත්තේ, අධිවේගී මාර්ගය ඔස්සේ සලිඳුගේ හෙරොයින් තොගයක් පැමිණෙන බවකි.

 

වලාන නිලධාරීන් ඉකුත් වසරේ 2021 පෙබරවාරි 28 වන දා අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණි එම කුඩු කිලෝ 42ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ එම කුඩු තොගය ගෙනා යුද්ධ හමුදා කෝප්‍රල්වරයෙකු හා හිටපු කෝප්‍රල්වරයෙකු ද සමගිනි.

 

වලාන ප්‍රහාරක බළකාය මෙම මත්කුඩු තොගය අල්ලා ගැනීමත් සමග ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින සලිඳු මින් කලබලයට පත්ව තම කුඩු තොගය අල්ලා දීම සඳහා පානදුර බළකායට තොරතුරු ලබා දී ඇත්තේ, මෙම ගිලන් රථ රියැදුරා බව අනාවරණය කරගෙන ගෝලබාලයන් යොදා කොන්ත්‍රාත් ක්‍රමයට ගිලන් රථ රියැදුරා මරා දැමීමට ඉකුත් දා උත්සුක වී ඇතැයි වාර්තා වේ. 

 

මෙම කොන්ත්‍රාත්තුව ද මුදල් මත සිදු කර ඇති බව කියැවේ. සිද්ධියට අදාළ ගිලන් රථ රියැදුරා මේ වනවිට පානදුර පොලිස් විමර්ශකයන් භාරයේ රඳවා තිබේ. 

 

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රඳවාගෙන ප්‍රශ්න කරන එක් පුද්ගලයෙකු විසින් ගිලන් රථ රියැදුරා මරා දැමීමට උත්සාහ කළ පුද්ගලයන් ගැන තොරතුරු හෙළි කිරීමත් සමග ප්‍රහාරයට පැමිණි සිවු දෙනා ම මේ වන විට හඳුනාගෙන තිබේ.

 

කෙසේ වෙතත්, පොලිස් ඔත්තුකරුවෙකු විසින් ලබාදුන් තොරතුරු පොලිසියෙන් පිටතට ගියේ කෙසේදැයි සොයා ගැනීම සඳහා විමර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය දැනුම් දී තිබේ. කෙසේ වෙතත් මෙම රියැදුරාට එල්ල වී තිබෙන තර්ජන නිසා ඔහු මෑතක් වන තුරු ම ඈත පළාත්වල රාජකාරි කර ඇති අතර මෙම සිදුවීමෙන් පසු මොහු සමග රාජකාරි කිරීමට බහුතර සේවක සේවිකාවන් අකැමැත්ත පළ කර ඇතැයි ද වාර්තා වේ.

 

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නියෝජ්‍ය පොලිස්පති බස්නිහාර දකුණු දිසාව (අපරාධ) භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත කළුතර අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.

views

1404 Views

Comments

arrow-up