“මත්පැන් බෝතල්වල නව ස්ටිකරය අනිවාර්යයි” - සුරාබදු කොමසාරිස් ජනරාල්

මත්පැන් බෝතල්වල ප්‍රදර්ශනය කිරීමට හඳුන්වාදී ඇති ස්ටිකරය ඇලවීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඊයේ(266) පැවසීය.
මෙම ස්ටිකරය ඇලවීමෙන් පසු ව්‍යාජ මත්පැන් අලෙවියෙන් අහිමි වන රුපියල් බිලියන 10ක පමණ බදු ආදායම අයකර ගැනීමට අපේක්‍ෂා කරන බව ඒ මහතා පවසයි.
මත්පැන් නිෂ්පාදනය කරන සමහර සමාගම් නව ස්ටිකරය සහ ඩිජිටල් මුද්‍රණය බෝතල්වල ඇලවීමට අකමැත්තක් දක්වන බවට දැනගන්නට ලැබෙන බවත් එසේ වුවත් මෙම ස්ටිකරය හෝ ඩිජිටල් මුද්‍රණය අනිවාර්ය කරමින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශ කර ඇති නිසා එය සෑම නිෂ්පාදන ආයතනයක්ම අනුගමනය කළ යුතු බවත් කොමසාරිස්වරයා කියා සිටියේය.
මුද්‍රණය අනිවාර්ය කිරීමෙන් ව්‍යාජ මත්පැන් වර්ග වෙළෙඳපොළට නිකුත්වීම වැළැක්වීමට උත්සාහයක් දැරීම මෙන්ම මත්පැන් නිෂ්පාදනවලින් නියමිත ආකාරයට බදු අයකර ගැනීමටද අපේක්ෂා කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මෙම වසර තුළ මත්පැන් අලෙවියෙන් රුපියල් බිලියන 180ක පමණ බදු ආදායමක් බලාපොරොත්තු වන බවත් පසුගිය වසරේ (2021) සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 139ක බදු ආදායමක් ලැබුණු බවත් ඔහු පවසා සිටියේය.
779 Views
Comments