JAN
20
ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ රැකියා අවස්ථා

ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා වන වෙබ් අඩවිය එළිදක්වා තිබේ.
ඒ විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධවෙමිනි.
විශේෂ කුසලතා ඇති (Specified Skilled Worker (SSW)) තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා අවශ්‍ය වන විභාග ශ්‍රී ලංකාවට ලබාගැනීම මෑතදී සිදුවිය.
ඒ අනුව 2022 ජනවාරි සිට එම විභාග පැවැත්වෙයි.
738 Views
Comments