පාස්කු ප්‍රහාරක ඊබ්‍රාහීම්ට අයත් වැල්ලම්පිටිය තඹ කම්හල රාජසන්තකයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
17

පාස්කු ප්‍රහාරක ඊබ්‍රාහීම්ට අයත් වැල්ලම්පිටිය තඹ කම්හල රාජසන්තකයි

පාස්කු ප්‍රහාරක ඊබ්‍රාහීම්ට අයත් වැල්ලම්පිටිය තඹ කම්හල රාජසන්තකයි

පාස්කු ඉරුදින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා හැරි මොහොමඩ් ඉබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ්ට අයත්ව තිබු වැල්ලම්පිටිය ” ක්ලෝස්යස් ” තඹ කර්මාන්ත ශාලාව ඉකුත් මැයි මස 20 වනදා රාජසන්තක කළ බව අද මාධ්‍යයට අනාවරණය කෙරුණා.

 

 

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ එම කර්මාන්ත ශාලාවේ සිදුකළ නිරික්ෂණය චාරිකාවකදි මේ පිළිබද අනාවරණය කළා.

 

 

අදාළ කර්මාන්ත ශාලාව පිළිබද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු එය රාජසන්තක කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතේ තමන්ට ඇති විධිවිධාන ප්‍රකාරව ජනාධිපතිවරයා මෙම කර්මාන්ත ශාලාව රාජසන්තක කර තිබෙනවා.

views

737 Views

Comments

arrow-up