මාතර දිස්ත්‍රික් ආයුරුවේද මෙහෙයුම් කාර්යාලයක් මාලිම්බඩදී විවෘත වේ

පළාත් ආයුර්වේද කොමසාරිස් කරුණා හේවගේ මහත්මිය පවසා සිටියේ කොවිඩ් ආසාදනය වී නිවෙස්වල සිටින පිරිස්වලට සහ නිරෝධායනය වන පුද්ගලයන්ට නිවෙස්වලටම ආයුර්වේද ඖෂධ ලබා දීමේ ක්‍රමවේදයක් දකුණු පළාත තුළ ආරම්භ කර ඇති බවයි.
මාතර , තෙලිජ්ජවිල , මාලිම්බඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සෝමවීර වීරමන් මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් කොවිඩ් ආසාදිත වූවන්ට ආයුර්වේද ප්‍රතිකාර සිදු කිරීමට මාතර දිස්ත්‍රික් ආයුර්වේද මෙහෙයුම් කාර්යාලයක් විවෘත කෙරිණි.
මෙම කාර්යාලය මගින් මාතර දිස්ත්‍රික්කය තුළ නිවෙස් නිරෝධායනයට ලක්වන පුද්ගලයන්ට අවශ්‍ය ආයුර්වේද ඖෂධ නිවසටම ගෙනගොස් ලබා දෙයි.
802 Views
Comments