ඇදිරිනීතිය තවත් සති දෙකක් දීර්ඝ කරන්න
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
03

ඇදිරිනීතිය තවත් සති දෙකක් දීර්ඝ කරන්න

ඇදිරිනීතිය තවත් සති දෙකක් දීර්ඝ කරන්න

දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතියෙන් වඩාත් යහපත් ප්‍රතිඵලයක් ලබා ගැනීමට දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය තවත් සති දෙකක්වත් දීර්ඝ කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටියේය.

 

 


ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ජනතාව නිසි සෞඛ්‍ය පුරුදු පිළිපදින්නේ නම් කොවිඩ් ධනාත්මක රෝගීන් සංඛ්‍යාව අඩුවන බවත්, ඔක්තෝබර් මැද භාගයේදී එන්නත් ලබා දීම අවසන් කළහොත් ඒ මස අවසන් වනවිට රට යථා තත්වයට පත්වනු ඇති බවත්ය.

 

 


එමෙන්ම ශ්‍රී ලංකාව තුළ බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවද සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා පැවසුවේය.

views

895 Views

Comments

arrow-up