රටපුරා දැවැන්ත විරෝධතා (ඡායාරූප)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
01

රටපුරා දැවැන්ත විරෝධතා (ඡායාරූප)

රටපුරා දැවැන්ත විරෝධතා (ඡායාරූප)

දිවයින පුරා මේ වනවිට දැවැන්ත වෘත්තීය සමිති විරෝධයන් ආරම්භ වී ඇති බව අප වාර්තාකරුවන් සදහන් කර සිටී.

 

මීට සමගාමීව  ඛනිජ තෙල් සේවකයින් ද අකුරට වැඩ කිරීම ආරම්භ කොට ඇති බව ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා කියා සිටී.

 

මේ නිසා තෙල් සැපයුමට ද බාධාවන් එල්ල වී තිබේ.

 

අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව මෙන්ම ලංවිම සේවකයින්ගේ දීමනා කප්පාදුව ඇතුළු  කරුණු කිහිපයක් මුල් කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන් ඇතුළු සියලු සේවකයින්ද ලෙඩ නිවාඩු දමා වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇතැයි ලංකා විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ ලේකම් ඉසුරු කස්තුරිරත්ත මහතා පවසා සිටී.  

 

එසේම බැංකු වරාය ඇතුළු ක්ෂේත්‍ර රැසක ද මේ වන විට විරෝධතාවන් ආරම්භ වී ඇත.

 

 

 

 

 

 

 

 

 

 

 

views

231 Views

Comments

arrow-up