ගිනි අවියක් සමග ඇල්ලූ සැකකරු ළඟ තිබී මදන මෝදක ගුලි 187 ක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
22

ගිනි අවියක් සමග ඇල්ලූ සැකකරු ළඟ තිබී මදන මෝදක ගුලි 187 ක්

ගිනි අවියක් සමග ඇල්ලූ සැකකරු ළඟ තිබී මදන මෝදක ගුලි 187 ක්

කළුතර ප්‍රදේශයේ පදිංචි අවුරුදු තිහක පුද්ගලයෙකු, කළුතර උතුර සංචාරක හෝටලයක් තුළදී විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් මැගසිනයක් හා ජීව උණ්ඩ සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා කටුකුරුන්ද කඳවුර පවසයි.

 

මෙම සැකකරුගෙන් සිදුකර ඇති දීර්ඝ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඔහු නවාතැන්ගෙන සිටි කළුතර උතුර ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී මදන මෝදක ගුලි එකසිය අසූ හතක් ද සොයාගත් බව පොලීසිය සඳහන් කරයි. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කළුතර පොලිසිය මගින් සිදු කෙරෙයි.

views

291 Views

Comments

arrow-up