පවතින බදු ප්‍රතිපත්තිය යනු ගලවාගැනීමේ මෙහෙයුමක් බවට ජනපතිගෙන් ප්‍රකාශයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
22

පවතින බදු ප්‍රතිපත්තිය යනු ගලවාගැනීමේ මෙහෙයුමක් බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

පවතින බදු ප්‍රතිපත්තිය යනු ගලවාගැනීමේ මෙහෙයුමක් බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21) පස්වරුවේ කොළඹ කිංස්බරි හෝටලයේ පැවැති "2023 බදු සමුළුව" ආරම්භක දේශනය සිදු කරමින් කියා සිටියේ වත්මන් බදු ප්‍රතිපත්තිය සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව ගලවා ගැනීමේ මෙහෙයුමක් බවයි.

 

2023 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය ද සාමාන්‍ය අයවැයක් නොව වැටී ඇති ආර්ථිකය ගොඩ ගැනීමේ මෙහෙයුමක් බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනට ඇතුළත් වීමට නොහැකි වනවා සේම ලංකාවට කිසිදු විදෙස් රටක් සමග ගනුදෙනු කිරීමට නොලැබෙන බවද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

views

216 Views

Comments

arrow-up