ඉන්දියානු වීසා මධ්‍යස්ථානයට පැන්න සැකකරුවන් කොටු වෙයි

බම්බලපිටිය පොලිසිය පවසන්නේ, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට අනුබද්ධ තුම්මුල්ල ප්‍රදේශයේ පිහිටි වීසා මධ්‍යස්ථානයේ සිදුවූ සොරකම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් ඇතුළු 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. එම වීසා මධ්‍යස්ථානයේ ප්‍රධාන දේශීය නියෝජිතවරිය රාජකාරි කටයුතු සඳහා පරිහරණය කළ ලැප්ටොප් පරිගණකය ඇතුළු තවත් දේපළ කිහිපයක් වීසා මධ්‍යස්ථානයේ දී සොරකම් කර තිබුණි.
ඒ අනුව සැකකරුවන් සන්තකයේ තිබී පොලිසිය අත්අඩංගුවට ගත් ලැප්ටොප් දුරකථනයක්, ටැබ් යන්ත්‍රයක් සහ DVR යන්ත්‍රයක් පොලිස් භාරයට ගෙන ඇත. පොලිසිය පවසන්නේ, අත්අඩංගුවට පත් සැකකාරිය එම වීසා මධ්‍යස්ථානයේ පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතවී සිටි තැනැත්තියක් බවත් සැකකරුවන් අතර සැකකාරියගේ අනියම් ස්වාමි පුරුෂයා සිටින බවත් ය.
ත්‍රීරෝද රථයකින් පැමිණ තිබූ තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉකුත් 15 වනදා අලුයම් කාලයේදී මෙම සොරකම සිදුකර පළාගොස් තිබුණි. කිරුළපන සරණංකර ප්‍රදේශයේදී සැකකරුවන් සොරා ගෙන තිබූ DVR කොටස් දෙකක් ඇළකට විසිකර තිබියදී එකක් සොයාගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, වීසා මධ්‍යස්ථානයට ලැබී තිබූ මුදල් සොරාගැනීමේ අදහසින් සැකකරුවන් පැමිණ ඇති බව සහ ව්‍යර්ථ වූ පසු මෙම දේපළ සොරාගෙන ගොස් ඇති බවයි. සැකකරුවන් කිරුළපන, වැල්ලවත්ත ආදී ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
205 Views
Comments