15 හැවිරිදි ගැබිණි සිසුවිය පැහැරගෙන යමින් සිටි 24 හැවිරිදි තරුණයා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
29

15 හැවිරිදි ගැබිණි සිසුවිය පැහැරගෙන යමින් සිටි 24 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

15 හැවිරිදි ගැබිණි සිසුවිය පැහැරගෙන යමින් සිටි 24 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ අනුරාධපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ගැබිණි සිසුවියක් ත්‍රීරෝද රථයකින් පැහැරගෙන යමින් සිටි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

කහටගස්දිගිලිය ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබමින් සිටි 15 හැවිරිදි මෙම සිසුවිය තරුණයෙකු අතින් අපයෝජනයට ලක්වී පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව භාරයේ අනුරාධපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට තිබුණි.

 

පසුගිය 22 වනදා දැරිය රෝහල් ගත කර සිටිය දී මෙලෙස පැහැර ගෙන ගොස් ඇත්තේ ද ඇය  අපයෝජනයට ලක්කළ 24 හැවිරිදි තරුණයාම බව පොලීසිය පවසයි.

 

දැරිය කොළඹ ප්‍රදේශයේ තාවකාලික ලැගුම්හලක රඳවාගෙන සිට පසුව යළි දඹුල්ල ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවස බලා යමින් සිටිය දී සැකකරු දැරිය ද සමඟ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

 

views

255 Views

Comments

arrow-up