අගමැති මහින්දට ඉල්ලා අස්වෙන්න දෙන්නේ නැත්තේ කවුද..? – ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ හෙළිදරව්වකි මේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

අගමැති මහින්දට ඉල්ලා අස්වෙන්න දෙන්නේ නැත්තේ කවුද..? – ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ හෙළිදරව්වකි මේ

අගමැති මහින්දට ඉල්ලා අස්වෙන්න දෙන්නේ නැත්තේ කවුද..? – ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ හෙළිදරව්වකි මේ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වීමට නොදෙන පිරිසක් ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බණ්ඩාරගම ආසනයේ ප්‍රධාන සංවිධායක ලලිත් එල්ලාවල පවසා තිබෙනවා.

 

ඔහු මෙලෙස සිය අදහස් පළකර තිබුණා.

 

"අගමැතිතුමා ඕනෑම වෙලාවක රට වෙනුවෙන් ගත්තු තීරණ ගත්තු කෙනෙක්. මේ වෙලාවෙත් ඔහු රට වෙනුවෙන් තීරණයක් ගන්නවා කියන ආරංචිය අපිට ලැබුණා. නමුත් මේ තීන්දුව අගමැතිතුමාට ගන්න පිරිසක් විසින් ඉඩ ලබා දෙන්නේ නැති බව අපිට දැනෙනවා. එහෙම කරන්නේ වෙන හේතුවක් නිසා නොවෙයි. තමන්ගේ හොරමැරකම් ආරක්ෂා කරගන්න තමයි. තමන් ආරක්ෂා වෙන්න බලන කණ්ඩායමක් තමයි මෙම තීන්දුව ගන්න අගමැතිතුමාට ඉඩ දෙන්නේ නැත්තෙ. ඒකයි මගේ හැඟීම  මේ වෙලාවේ එක එක්කෙනා ආරක්ෂා වෙන වෙලාවක් නෙවෙයි. රට ආරක්ෂා කරන වෙලාවක්. මේ ඒ නිසා මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ නාධිපතිතුමාටත් අගමැතිතුමාටත් කාලෝචිත තීන්දුවක් අරගෙන සර්වපාක්ෂික ආණ්ඩුව හදලා රට ගොඩනගන්න ඉඩදෙන්න කියලා. ඒ දේ කරන්න ඉඩ දෙන්නේ නැත්නම් අපි දස දෙනාට දැඩි තීන්දුවක් ගන්න වෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න අගමැතිතුමා ඉවත් නොවුනොත් පසුපෙල මන්ත්‍රීවරුන් විදිහට අපිට තීන්දුවක් ගන්න වෙනවා."

views

1089 Views

Comments

arrow-up