APR
22
ජනපති හදිසියේ සන්නද්ධ හමුදා කැඳවා ගත් තීරණය මෙන්න

මහජන ආරක්ෂාව වෙනුවෙන් සන්නද්ධ හමුදාව කැඳවීමට විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ තිබේ.
මෙම ආඥාව පිළිබඳව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට අද(22) දැනුම් දෙනු ලැබීය.
ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුවය.
680 Views
Comments