පොලිස්පති මානව හිමිකම් කොමිසමට කැඳවයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
22

පොලිස්පති මානව හිමිකම් කොමිසමට කැඳවයි

පොලිස්පති මානව හිමිකම් කොමිසමට කැඳවයි

රඹුක්කන ප්‍රදේශයේදී පසුගියදා ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබූවා.


ඒ අනුව එහි විමර්ශන කටයුතු සදහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු අද (22) කැඳවා තිබෙනවා.


මෙම සිද්ධියේදී නාරන්බැද්ද, හිරිවඩුන්න පදිංචි කේ. බි. චමින්ද ලක්ෂාන් මියගිය අතර, දේහය පිළිබද අවසන් කටයුතු අද (22) දින දේවාලේගම පොලිස් වසමේ නාරන්බැද්ද හිරිවඩුන්නේදී සිදු කිරීමට නියමිතයි.

views

683 Views

Comments

arrow-up