කොළඹ දිස්ත්‍රික්කයේ උසස් පෙළ දරුවන් ට එන්නත්කරණය අද සිට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
15

කොළඹ දිස්ත්‍රික්කයේ උසස් පෙළ දරුවන් ට එන්නත්කරණය අද සිට

කොළඹ දිස්ත්‍රික්කයේ උසස් පෙළ දරුවන් ට එන්නත්කරණය අද සිට

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින කොළඹ දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන කලාපවල සිසුන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ වැඩසටහන අද (15) ආරම්භ වීමට නියමිතය.

 

එම එන්නත්කරණ වැඩසටහන යටතේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින පළමුවර සහ දෙවනවර අපේක්ෂකයින් සඳහා එන්නත ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

 

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් 24,000ක් සඳහා එන්නත්කරණය සිදුකිරීමට නියමිතය.

 

එන්නත ලබාගැනීම සඳහා පැමිණෙන සිසුන් සිය ජාතික හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්යය බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එල්.එම්.බී. ධර්මසේන මහතා ප්‍රකාශ කළේය.

views

671 Views

Comments

arrow-up