"සාරා ජැස්මින් මියගොස් නැහැ" - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

අන්තවාදී පාස්කු ප්‍රහාරයේ රහස් රැසක් සඟවා ගනිමින් මිය ගිය බව පැවසුවද, ප්‍රහාරයෙන් පසුව ද ඇය ජීවත් වූ බවට සාක්ෂි රැසක් ලැබී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කියා සිටී.
අන්තර්ජාල නාළිකාවක් සමග පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම අදහස් පළ කොට සිටි ඒ මහතා සාරා ජෙස්මින් මරණයට පත්වූ බව පවසමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ සැබෑ කුමන්ත්‍රණය යටපත් කිරීම සඳහා සූක්ෂම සැලැස්මක් ක්‍රියාත්මක වූ බව පෙන්වා දෙයි.
254 Views
Comments