ගාලු කොටුවේ තිබී හමු වූ මුදල් පිරුණු ගමන් මල්ල
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
08

ගාලු කොටුවේ තිබී හමු වූ මුදල් පිරුණු ගමන් මල්ල

ගාලු කොටුවේ තිබී හමු වූ මුදල් පිරුණු ගමන් මල්ල

අද (08) පෙරවරුවේ ගාලු කොටුවේ තිබී විදේශික කාන්තාවකට අයත් මුදල් සහිත බෑගයක් ශාරීරික ව්‍යායාම වල යෙදෙමින් සිටි කොග්ගල ප්‍රදේශයේ පදිංචි සමන් සිසිර පී.වෙල්ගම නමැති විශ්‍රාමික හමුදා නිලධාරීයෙකුට හමු වී තිබේ.

 

එම බෑගය තුළ මෙරට හා විදෙස් මුදල් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක්ද ක්‍රෙඩිට් කාඩ්පත් දෙකක්, ගමන් බලපත්‍රයක් සමග ලියකියවිලි රාශියක් තිබී ඇත. ගමන් බලපත්‍රය අනුව මෙම බෑගය ලිතුවේනියානු ජාතික කාන්තාවකගේ බව දැන ගැනීමට හැකි වීමෙන් පසු මෙම නිලධාරීයා ගාලු කොටුව සංචාරක පොලිසිය සහ ගාලු කොටුව අසල ත්‍රීරෝද රථ රියදුරන් දැනුවත් කළ අතර පැය කිහිපයක් ඇතුලත එහි හිමිකාරිය සොයා ගැනීමට හැකිවිය.


විදෙස් කාන්තාව කියා සිටියේ තමා මීට දින 5 කට පමණ පෙර ශ්‍රී ලංකාවට පැමිණි බවත් අද (8) පෙරවරුවේ ගාලු කොටුවේ ඇවිදිමින් සිටියදී තම බෑගය අස්ථානගත වීමෙන් තමන් දැඩි කණස්සල්ලටත් අසරණභාවයටත් පත් වූ බවත් ය.

 

බෑගය ලැබුනු පසු එය සොයා දුන් නිලධාරී මහතා අතට විදෙස් මුදල් නෝට්ටු කිහිපයක් ත්‍යාග වශයෙන් ලබා දුන් නමුත් එය ඔහු බාරගැනීම නිහතමානීව ප්‍රතික්ෂේප කර තිබේ.

 

ඇය ශ්‍රී ලාංකීය ජනතාවගේ මනුෂ්‍යත්වය තමන් පුදුම කළ බව සහ නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද පැවසූ අතර බෑගය සොයා දුන් සිසිර මහතාට සහ ඒ සදහා වෙහෙස වූ සියලු දෙනාටම ස්තූතිය පිරිනැමුවාය.

views

207 Views

Comments

arrow-up