‘‘කෝමාරිකා වවන්න අනුරාධපුරයේ අක්කර 125000ක් විදෙස් ව්‍යාපාරිකයෙකුට දීලා’’ - පාහියංගල ආනන්ද සාගර හිමි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
14

‘‘කෝමාරිකා වවන්න අනුරාධපුරයේ අක්කර 125000ක් විදෙස් ව්‍යාපාරිකයෙකුට දීලා’’ - පාහියංගල ආනන්ද සාගර හිමි

‘‘කෝමාරිකා වවන්න අනුරාධපුරයේ අක්කර 125000ක් විදෙස් ව්‍යාපාරිකයෙකුට දීලා’’ - පාහියංගල ආනන්ද සාගර හිමි

කෝමාරිකා වගාවකට බව පවසමින් අනුරාධපුර දිස්ත‍‍්‍රික්කයේ අක්කර 125000 භූමි ප‍‍්‍රමාණයක් කැබිනට් අනුමැතිය ද සහිතව විදේශීය ව්‍යාපාරිකයෙකුට පවරා ඇතැයි ‘‘සුරකිමු ශ‍‍්‍රී ලංකා’’ සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ පැවසූහ.

 

ඉඩම් හඳුනා ගැනීමකින් තොරව සහ ඉඩම් පටිපාටිය ද උල්ලංඝනය කරමින් මෙරට නීතිය ද අබිබවා යමින් අදාළ ඉඩම් පවරා දීම සිදුකර ඇති බවද උන්වහන්සේ සඳහන් කළහ.

 

රජයේ ප‍‍්‍රබල ඇමැතිවරුන් කිහිපදෙනෙකුගේ මැදිහත් වීම මත මෙම ඉඩම් පවරා දීමට 2021.08.31 දා පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබෙන බවද පැවසූ ආනන්ද සාගර හිමියෝ අනුරාධපුර යාය 18, රාජාංගණය ප‍‍්‍රදේශයේ අදාළ කෝමාරිකා ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට මේ දක්වා කර ඇති වන සහ පාරිසරික විනාශයන් හේතුවෙන් අලි මිනිස් ගැටුම් සහ ජල අර්බුද ද පැන නැඟීමෙන් දිස්ත‍‍්‍රික්කයේ ජනතාව ගැටලූ රැසකට මුහුණ පා ඇතැයි ද පෙන්වා දුන්හ. 

views

723 Views

Comments

arrow-up