පාර්ලිමේන්තුව අද රැස්වේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

පාර්ලිමේන්තුව අද රැස්වේ

පාර්ලිමේන්තුව අද රැස්වේ

අද (06) පාර්ලිමේන්තුවේදී සිවිල් ගුවන්සේවා පනත, වෙළෙඳ නැව් පනත ඇතුළු පනත් කිහිපයක් විවාදයට ගැනීමට නියමිත අතර උදෑසන 10.30 ට ආරම්භ වන විවාදය පස්වරු 5.00 දක්වා පැවැත්වෙනු ඇත.

 

එසේම අද දිනයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ද රැස්වීමට නියමිත අතර කාරක සභාව හමුවට අද කැඳවා ඇත්තේ, කොළඹ මහ නගර සභාවයි.

 

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා ඇති අතර පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ බලශක්ති සහ ප්‍රවාහනය, පරිසරය ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය, විදෙස් රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවන් ද අද දිනයේ රැස්වීමට නියමිත බවයි.

views

116 Views

Comments

arrow-up