ජගත් පරිසර දිනය අදයි

දැනුවත් කිරීම සහ පාරිසරික ආරක්ෂාව දිරිගැන්වීම සඳහා වාර්ෂිකව ජුනි 5 වන දින ලෝක පරිසර දිනය ලෙස 1974 වර්ෂයේ සිට රටවල් 143කට අධික සංඛ්‍යාවක් සමරනු ලබයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, මෙම දිනය සැමරීම මගින් පරිසරය ආරක්ෂා කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා පුද්ගලයන්, ව්‍යවසායන් සහ ප්‍රජාවන් විසින් බුද්ධිමත් මතයක් සහ වගකිවයුතු හැසිරීමක් සඳහා පදනම පුළුල් කිරීමට අවස්ථාවක් ලබා දේ.
"ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු" යන්න මෙවර ජගත් පරිසර දිනයේ තේමාව වී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එච්. පතිරගේ මහතා,
"මෙවර තේමාව කාලීන මාතෘකාවක්. 'ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු' කියන මාතෘකාව ඔස්සේ වැඩසටහන් කිහිපයක් ජගත් පරිසර දිනයට සමගාමීව ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ මධ්‍යම පරිස අධිකාරිය විසින් ලංකාව තුළට පොලිතින් සහ ප්ලාස්ටික් ගෙන එන ආයතන විදිමත් කිරීම හා එක්වරක් පමණක් භාවිත කර ඉවතල ප්ලාස්ටික් වර්ග 4ක් තහනම් කිරීම තුළින් ප්ලාස්ටික් නැණවත් භාවිතයකට හුරු කිරීමත් දැනුවත් කිරීමේ වැඩසටහන් ලංකාව පුරා මධ්‍යම පරිසර අධිකාරියෙන් ක්‍රියාත්මක කිරීම මඟින් පරිසර දිනය සැමරීමට නියමිතය. ප්‍රධාන උත්සවය කොළඹ පිටකොටුව ප්‍රදේශයේ අද උදෑසන සිට දහවල් 2 දක්වා පැවැත්වේ."
313 Views
Comments