DEC
29
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිව පැහැරගෙන යයි !

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විතානගේ ව වෑන් රථයකින් පැමිණි පිරිසක් මහනුවර උසාවිය අසලදී පැහැරගෙන ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසයි.
අද (29) විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාධ්‍ය හමුවක් කැඳවමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් සත්සර මේ බව පවසා තිබුණි.
කෙසේ නමුත් පසුව වාර්තා වූයේ ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ.
228 Views
Comments