මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට

අද දින රඹුක්කන නගරයේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් වෙළදසැල්වලින් මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

 

 

රඹුක්කන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියා සිදුකළ පැමිණිල්ලකට අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණා.

 

 

මෙම පුද්ගලයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් රඹුක්කන නගරයේ වෙළදසැල්වලින් මුදල් වංචාකර ඇති බව එහිදී හෙළිවී ඇත. 

 

 

විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් රඹුක්කන නගරයේ වෙළදසැලක් වෙත ගොස් තමා එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියා බව ප්‍රකාශ කරමින් මුදල් ඉල්ලා සින අවස්ථාවේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලදී.

 

 

සැකකරු අරණායක ප්‍රදේශයේ  අවුරුදු 29ක් වන පුද්ගලයෙකි.

 

 

ඔහු කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

views

157 Views

Comments

arrow-up