“ගෝඨා පැනල ගියේ නෑ, එයා සිංගප්පූරු ගියේ චෙකප් එකකට” - මහින්ද
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

“ගෝඨා පැනල ගියේ නෑ, එයා සිංගප්පූරු ගියේ චෙකප් එකකට” - මහින්ද

“ගෝඨා පැනල ගියේ නෑ, එයා සිංගප්පූරු ගියේ චෙකප් එකකට” - මහින්ද

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යළි ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය තමාට ස්ථිර වශයෙන් තවමත් දැනුම් දුන්නේ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

 

මාධ්‍ය නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා.

 

ප්‍රශ්නය - ගෝඨාභය මහත්මයා රටින් පැනලා ගියේ ඇයි?

 

පිළිතුර - එයා පැනලා ගියා කියලා චෝදනා නගන්නේ කවුද?

 

ප්‍රශ්නය - ජනතාව

 

පිළිතුර - ඕනෑ කෙනෙකුට ඕනෑ විදිහකට කියන්න පුළුවන්. ඒවා ඔක්කෝම නිර්මාණය කරපු කතා. එයා ගියේ වෛද්‍යවරයා ලවා පරීක්ෂා කරගන්න. (චෙකප් එකකට) එයා ගියේ මටත් කියලයි.

views

345 Views

Comments

arrow-up