“ලාංකිකයින් මිලියන හයකට කෑම නෑ, අපට උදව් කරන්න” - හිටපු ජනපති ලෝකයෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාවට බලපා ඇති අධි උද්ධමන තත්ත්වය මත හැට ලක්ෂයක පමණ පිරිසක් ආහාර හිග තාවයකින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.
ආහාර, ඖෂධ, ඉන්ධන, පොහොර ආදිය සපයා ගැනීමට නොහැකිව ශ්‍රී ලාංකිකයන් දැඩි අවදානමකට ලක්ව සිටින බවත් ලෝක ආහාර වැඩසටහනද මේ බව පෙන්වාදී ඇති බවත් හෙතෙම කියා සිටියේය.
හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කරන ලද්දේ පිලිපීනයේ මැනිලා නුවර පැවති ජාත්‍යන්තර නායකත්ව සම්මේලනය අමතමිනි.
යුද ගැටුම් නිමවීමත් සමඟ ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත් ලෙස නැගී සිටිනු ඇතැයි ජාත්‍යන්තර ප්‍රජාව පවා විශ්වාස කළද අද වන විට ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයක සිරවී සිටින බවත් එමනිසා මතුවූ දේශපාලන අස්ථාවරත්වයෙන් ජන ජීවිතය අඩාල වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
ඒ හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය සහෝදරත්වය ශ්‍රී ලංකාවට මේ මො
230 Views
Comments